නේතෘ 2026 ✨💙

2026.07.07 දින තංගල්ල බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය නායිකා අභිෂේක මංගල්‍යය "නේතෘ 2026" පරසතු ශාලාවේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.මෙම උත්සවය අපගේ ජීවිතයේ නව වගකීම් සහ නායකත්වයේ අර්ථය සිහිපත් කළ සුවිශේෂී අවස්ථාවක් විය. නායකත්වය යනු තනතුරක් පමණක් නොව, කැපවීමෙන්, විනයෙන් සහ ආදර්ශයෙන් අන් අයට සේවය කිරීමේ වගකීමක් බව මෙම දිනය අපට නැවතත් මතක් කළේය.මෙම උත්සවයට සම්භාවනීය ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වූ චසිකා මුතුකුමාරණ මහත්මියටත්, අපගේ ආදරණීය විදුහල්පතිතුමිය නිමාලි ද සිල්වා මහත්මියටත්, ගුරු මණ්ඩලයටත්, මෙම අවස්ථාව සාර්ථක කර ගැනීමට දායක වූ සියලු දෙනාටත් හෘදයාංගම ස්තුතිය පුද කරමි.මෙම ගෞරවනීය වගකීම අවංකභාවයෙන්, කැපවීමෙන් සහ සේවාභාවයෙන් ඉටු කිරීමට අපි සැමවිටම කැපවෙමු. 💙

නේතෘ 2026 — නායකත්වයට ගත් අභිමානවත් පියවරක්. 🌸