මෙහෙවර_2025

තංගල්ල බාලිකා විද්‍යාලය විසින් වාර් ශිකව මෙවරත් ක්‍රියාත්මක කල මෙහෙවර 2025 ප්‍රජා සත්කාර වැඩ සටහන 2025.12.24 වනදා යටියන්තොටඅමනාවල විහාරයේ සහන කදවුරේ රැදී සිටින පවුල්වල දරුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක වටිනාකමින් යුත් පරිත්‍යාගය වෙන්කරන ලදි.

බිඳුණු සිත් වලට සැනසුමේ සවිය අරන් අධ්‍යාපනයේ දොරටුවට සොම්නසින් පිය නැගුමට එම දරුවන්ට සතුට රැගෙන එන්නට දායකවූ තංගල්ල බාලිකා විද්‍යාලයේ ,

දියණිවරුන්ට..දෙමාපියන්ට..ගුරුභවතුන්ට..අනධ්‍යන කාර්‍යමණ්ඩලයේ මහත්ම මහත්මීන්ට ..

ආදි ශිෂ්‍යා සංගමයේ සාමාජිකාවන්ට ..නෙදර්ලන්ත ජාතික යුවළට හා ඔවුන්ගේ හිතවතුන්ට...හා ඔවුන් සම්බන්ධ කල දියණියට.."නැණ සවිය" වැඩසටහන යටතේ මාධ්‍ය ආවරණය ලබාදුන් නෙත්FM ආයතනයටත් ...නන් අයුරින් සහාය වූ , ඇපකැපවූ සියලුම දෙනාට...

තංගල්ල බාලිකා විද්‍යාලයේ විදුහල්පති මණ්ඩලයේ ගෞරවණීය ස්තුතිය මෙයින් පුදකර සිටිමු ....

එම දරුවන්ගේ හදවතට ආලෝකයක්..අධ්‍යාපනයට ශක්තියක්...මූණට හිනාවක්..  එක්කරන්නට ශක්තියක් වූ ඔබ සියලුම දෙනාට යහපතක්ම වේවා !!